සුන්බුන් අතරින් යළි උපන් තුර්කි බිළිඳා


තුර්කියේ ඇන්ටක්යා නගරයේ පැය 128 ක් සුන්බුන් අතර සිරවී සිටි මාස දෙකක බිළිඳකු බේරා ගැනීමට ඊයේ (12) මුදවා ගැනීමේ කණ්ඩායම් සමත් වූ අතර එම බිළිඳාගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ කාගේත් කතා බහට ලක්ව තිබේ.

බේරාගැනීමෙන් අනතුරුව නාවා පිරිසිඳු කර ආහාර ලබා දීමෙන් අනතුරුව සතුටින් සිටින බිළිඳාගේ වීඩියෝ දර්ශනද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.එම වීඩියෝ දර්ශන ට්වීටර් ජාලය තුළ පමණක් මිලියන දෙකක පිරිසක් දර්ශනය නරඹා ඇත.

තුර්කිය සහ සිරියාව කැලඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන අද (13) 34000 සීමාව පසු කළේය. 

භූමි කම්පාවලින් වැඩිපුරම හානි සිදුවී ඇත්තේ තුර්කියටය. තුර්කියේ පමණක් මියගිය ගණන 29605 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

භූමි කම්පා හටගත්තේ මීට සතියකට පෙරය. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වෙයි.

සාර්ථකව බේරාගත් අනෙක් පුද්ගලයන් අතර අවුරුදු දෙකක ගැහැණු දරුවකු, සය මසක ගැබිණියක, අවුරුදු හතරක ගැහැණු දරුවකු සහ ඇයගේ පියා සිටින බව තුර්කි බලධාරීහු ප්‍රකාශ කළහ.

034